නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක හදිසි බිඳවැටීමක් - විදුලි සැපයුමට බාධාවක් නැහැ

නොවැ 18, 2023

    නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ හදිසි බිඳවැටීමක් සිදුව තිබෙනවා.

    මේ නිසා එම ජනන යන්ත්‍රය ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාවිරහිත කළ ද විදුලිබල සැපයුමට බාධාවක් නොවන බවයි, ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ. එම ජනන යන්ත්‍රයේ අධි පීඩක හීටර් පද්ධතියේ, මෙම බිඳවැටීම සිදුවී තිබෙනවා. එය යථා තත්වයට පත්කිරීම සඳහා මූලික කටයුතු ඊයේ රාත්‍රියේම ආරම්භ කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. බලාගාරයේ තෙවැනි ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු අවසන් කර එහි පරික්ෂණ ධාවනය සිදු කෙරෙමින් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරනවා. ඒ අනුව ඉතා ඉක්මණින් විදුලිය නිෂ්පාදනය සඳහා එම යොදාගත හැකි වනු ඇති බවයි නිවේදනයේ දැක්වෙන්නේ. මෙම හේතු මත විදුලිබල සැපයුමට බාධාවක් නොවන අතර නඩත්තු කාලය තුළ උපරිම ලෙස ජල විදුලිය නිෂ්පාදනය සිදු කෙරෙන බවයි, ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ.

    Latest News