ප්‍රථිවිය ලීක්වෙයි

නොවැ 11, 2023

    පෘථිවි ගර්භයෙන් සිදුවන ඉතා විරළ කාණ්ඩයක හීලියම් වායු කාන්දුවක් සොයා ගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා.

    මෙම සොයාගැන්ම සිදුකර ඇත්තේ කැනඩාවේ බෆින් දූපත ආශ්‍රිතව සිදුකල ලාවා සාම්පල පරීක්ෂාවකින් පසුවයි.  මෙසේ හඳුනාගෙන ඇත්තේ හීලියම් -3 කාණ්ඩයේ වායු කාන්දුවක්. හීලියම් -4 කාණ්ඩයේ වායුව පෘථිවියේ ඉතා සුලබ නමුත් හීලියම් -3 කාණ්ඩයේ වායුව බොහෝවිට හමුවන්නේ වෙනත් විශ්වයන් තුළ පමණක් වීම විශේෂත්වයක්.   හීලියම් -3 කාණ්ඩයේ වායුව සැළකිය යුතු තරම් ප්‍රමාණයක් හඳුනාගැනීම ඉතා වැදගත් කරුණක් බවයි විද්‍යඥයින් පවසන්නේ. හීලියම් -3 වර්ගයේ වායු ලාවා පාෂාණ තුළින්ද හමුවීමෙන් පසු විද්‍යඥයින් සැක පල කරන්නේ මෙම වායු කාන්දුව පෘථිවියේ මධ්‍යයේ පිහිටි පෘථිවි හරයෙන් සිදුවන බවයි.  

    මෙම හීලියම් කාන්දුව වසර මිලියන ගණනාවක් පුරා සිදුවී ඇති බවටයි විද්‍යඥයින් අනුමාන කරන්නේ.  හීලියම් -3 කාණ්ඩයේ වායු පෘථිවිය තුළ නිර්මාණය වීම හෝ සිදුනොවේ. යම් හෙයකින්  තිවුවහොත් එම හීලියම් -3 කාණ්ඩයේ වායු අභ්‍යවකාශය වෙත ඇදී යන බව විද්‍යඥයින් පවසනවා.  මනිසා ⁣හීලියම් -3 කාණ්ඩයේ වායු පෘථිවියේ අතිශය දුර්ලභ වායු සංඝටකයක්. 

    පෘථිවියේ හරයෙන් සිදුවූ මෙවැනි කාන්දුවක් නිසා අප ග්‍රහලෝකය නිර්මාණය වූ ආකාරය හා කාලයක් පුරා එය පරිණාමය වූ ආකාරය පිළිබඳව විද්‍යඥයින් හට විශාල අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබී තිබෙනවා. එසේම පෘථිවිය නිර්මාණය වූ ආකාරය පිළිබඳව මෙතෙක් කියැවුණු උපකල්පනයන් සහ තර්කයන්ගේ සත්‍ය අසත්‍යතාව දැනගැනීමටත් හැකිවනු ඇති.

    වාර්තාව - ධනුෂ්ක මැදවෙල

    Latest News