අක්කර භාගයක මිරිස් වගාවකින් ලක්ෂ 70ක් ආදයමක්

නොවැ 10, 2023

    කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් හදුන්වා දී තිබෙන අධි ඝනත්ව වගා ක්‍රමය ( High Density Cropping System) භාවිතා කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ගොවි තරුණයෙක් විසින් මිරිස් වගා කර මේ වනවිට ඉහළ ආදායමක් ඉපයිමට සමත්ව තිබේ.  

    කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ අක්කර භාගයක අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ මෙම තරුණයා මිරිස් වගා කර ඇති අතර ඉන් උපයා ඇති මුදල රුපියල් ලක්ෂ 70ක්.

    සාම්ප්‍රධායික ක්‍රමය යටතේ අක්කර භාගයක වගා කළ හැකි මිරිස් පැළ ප්‍රමාණය පැළ 6000ක් පමණ වන නමුත් මෙම අධිඝනත්ව වගා ක්‍රමය යටතේ වගා කළ හැකි මිරිස් පැළ ප්‍රමාණය 13,000කි. එමනිසා ලබාගත හැකි අස්වැන්න කිහිප ගුණයකින් ඉහළ නංවාගැනීමට මෙම නව ක්‍රමය යටතේ හැකියාව පවති

    නවා. මෙම නව වගා ක්‍රමයේ දී අවම පොහොර ප්‍රමාණයක් හා අවම ජල ප්‍රමාණයක් යොදා ගැනීම, අවම කෘමිනාශක හා වල් නාශක යොදා ගැනීම, හා වල් මර්දනය සඳහා විශේෂ වියදමක් දැරීමට සිදු නොවීම, පාංශු ස්ථරයට පොලිතීන් වැස්මක් යෙදීම නිසා පාංශු ජලය වාෂ්පිකරණය නොවීම යන කරුණු නිසා ගොවියාට හැම අතින්ම මෙම නව වගා ක්‍රමය වාසිදායක බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

    මින් පෙර අක්කර භාගයක මිරිස් වගා කිරීම මගින් වැඩිම ආදායමක් උපයා තිබුනේ යාපනයේ ගොවි මහතෙකු වන අතර ඔහු අක්කර භාගයක මිරිස් වගා කිරීම මගින් රුපියල් ලක්ෂ 50ක මුදලක් උපයා තිබිනි.

    එම වාර්තාව ඉන්පසුව අනුරාධපුරයේම ගොවි තරුණයෙක් අක්කර භාගයක මිරිස් වගා කිරීම මගින් රුපියල් ලක්ෂ 60ක් උපයමින් බිද දමා තිබු බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කර සිටි.

    මේ වනවිට අක්කර භාගයක මිරිස් වගා කිරීම මගින් වැඩිම ආදායම වාර්තා කර තිබෙන අනුරාධපුර බන්දුල නැමැති මෙම තරුණ ගොවි මහතා මාස 06ක් තුළ උපයා ඇති සමස්ත ආදායම රුපියල් ලක්ෂ 70ක් බව එම ගොවි මහතා සඳහන් කල බව කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටි

    මහඉළුප්පල්ලම කෘෂිකර්ම පර්යේෂණ ආයතනය විසින් හඳුන්වා දෙන ලද නවතම මිරිස් ප්‍රභේද දෙක වන MICH 1- හා MICH- 2 යන මිරිස් ප්‍රභේද ඔවුන් වගා කර ඇති අතර මෙම මිරිස් ප්‍රභේදය නිසා ඉහළම අස්වැන්නක් ද ලබා ගැනීමට හැකියාව පවති.

    Latest News