සති අන්තයේ කොළඹ කොටසකට ජල කප්පාදුවක්

ඔක් 19, 2023

    21වන සෙනසුරාදා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර සිටිනවා.  

    ඒ, අඹතලේ ජල සැපයුම වැඩි දියුණු කිරිමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරිමේ කටයුතුක් හේතුවෙන්. 2023 ඔක්තෝබර් මස 21වන සෙනසුරාදා දින පස්වරු 5.00 සිට පසු දින එනම් 2023 ඔක්තෝබර් මස 22වන ඉරිදා දින පෙරවරු 8.00 දක්වා පැය 15 කාලයක් සදහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර සිටිනවා.

    ඒ අනුව, කොළඹ 11,12,13,14 සහ15 මෙම ජල සැපයුම අත්හිටුවනු ඇති. එම ප්‍රදේශයවල ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කනගාටුවට පල කර ඇති අතර අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා දන්වා ඇත. මේ පිළිබඳ වැඩිදුර විමසිම් 1939 අංකය ඔස්සේ ලබාගත හැක.

    Latest News