අධිවේගී මාර්ගයේ කොටසක් අද සවස 6 සිට විවෘත වේ

ඔක් 13, 2023

    දක්ෂිණ අධීවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර මාර්ග කොටසේ සිදුවූ නායයාමෙන් පසු වසා දමන ලද අධිවේගී මාර්ග කොටස පිරිසිදු කිරීමෙන් පසුව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධීක්ෂණයෙන් පසුව අද දින එනම් 2023 ඔක්තෝබර් මස 13 වෙනි දින ප.ව. 6.00 සිට කොළඹ සිට හම්බන්තොට දෙසට වම්පස මංතීරු 02 පමණක් දෙපසටම ගමන් කල හැකි පරිදි වාහන ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.

    දකුණු පස මංතීරු 02 තවදුරටත් වාහන ගමනාගමනය සඳහා වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News