IMF සහය අඛණ්ඩව ඇමති ශෙහාන් කියයි

ඔක් 13, 2023

    ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහය ලබා දෙන බවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහතික වී තිබෙනවා.

    මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව මොරොක්කෝවේ මරකෙව් හිදී මේ දිනවල පැවැත්වෙනවා.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා සහ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුව ඊයේ සිදු වූයේ, සමුළුවට සමගාමීවයි. ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට සහ ආර්ථික ස්ථායීකරණ වැඩටහනට සහය දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ කැපවීම හා සහය ලබා දෙන බවට ඔහු සහතික වූ බවයි, රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

    Latest News