උණ්ඩ අටක් සීතා පසාරු ක‍ළේ මරන්නමද? (වීඩියෝ)

ඔක් 03, 2023
  • සීතා ඇතින්නගේ සිරුරේ උණ්ඩ කැබලි 8 ක් ඇති බවට හඳුනා ගෙන තිබෙනවා. ඒ, ඊයේ සිදු කරන ලද පරීක්‍ෂණයක දී‍. එහෙත් ඒවා ජීව උණ්ඩ ද, රබර් උණ්ඩ ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ‍.

    පසුගිය 30 වැනිදා අලුයම 3.30 ට පමණ සීතා ඇතින්න වෙඩි ප්‍රහාරයට ලක්වූයේ මහියංගන පෙරහර අවසන්ව ගැටගසා තිබිය දී. වනඅලියෙකුයැයි සිතා වනජීවි නිලධාරින් වෙඩි තැබීම සිදු කර තිබුණා. වෙඩි වැදීමට ලක් වූ සීතා ඇතින්න, ඊයේ පරීක්‍ෂණ තුනකට ලක් කෙරුණා.

    වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු‍ වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද්, වනජිවි දෙපාර්තමේන්තුවේ අතිරේක ලේකම් සමන්ති රණසිංහ, දෙහිවල ස‍ත්වෝද්‍යානයේ පශු‍ වෛද්‍ය මධූෂා පෙරේරා, ශ්‍රී දළදා මාළිගාවේ පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය තරිඳු විජේකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු කණ්ඩායම ඇතින්න සම්බන්ධ පරීක්‍ෂණවලට ඊයේ එක්වුණා. මෙහිදී, ඇතින්නට එක්ස්රේ, ස්කෑන් සහ තමල් ඉමෙජින් යන පරීක්‍ෂණවලට ලක් කර තිබෙනවා. ඊට අවශ්‍ය උපකරණ සහ පහසුකම් සපයනු ලැබුවේ, වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවයි.

    සිවිල් ආරක්‍ෂක භටයා වෙඩි තැබීමි සිදු කළ ස්ථානය පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතාගේ නිරීක්‍ෂණයට ලක් වුණා. පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබුණේ, උණ්ඩ 8 ක් ශරීර අභ්‍යන්තරයේ පවතින බවයි. කෙසේ වෙතත්, එම උණ්ඩ ජීව උණ්ඩ ද, රබර් උණ්ඩ ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.

     

    Last modified on අඟහරුවාදා, 03 ඔක්තෝබර් 2023 13:36

    Latest News