තවත් අනතුරු ඇඟවීමක්

ඔක් 02, 2023
    ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර තිබෙනවා.
    ඒ පසුගිය පැය 24 තුළ එම ගංගා ආශ්‍රිතව වැසි තත්ත්වයේ යම් අඩුවීමක් දක්නට ලැබීම හේතුවෙන්.

    ඒ අනුව නිල්වලා, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිත ජනතාවට දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර ඇත.
    අදාළ ගංගා ආශ්‍රිතව ජීවත් වන ජනතාවට හා එම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල සහ අතුරුමාර්ගවල ගමන්ගන්නා රියදුරන්ට වඩාත් සැලකිලිමත් වෙන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

    කැලණි ගංගාවේ ජල ගලනය තවදුරටත් පවතින අතර අවිස්සාවේල්ල පහළ ප්‍රදේශයේ කැලණි ගඟේ යම් යම් ස්ථාන පිටාර ගලා ඇති බව ද වාර්තා වනවා.

    Latest News