තල්දූවේ වෙඩි වරුසා මැද මරණ 02ක්

සැප් 21, 2023
    අවිස්සාවේල්ල, තල්දූව ප්රදේශයේ ඊයේ රාත්රී 11.15ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
    තවත් දෙදෙනෙක් බරපතල තුවාල ලබා අවිස්සාවේල්ල දිස්ත්රික් මහ රෝහලට ඇතුළත් කෙරුණා.
    පුද්ගලයින් සිව් දෙනෙකු ත්රීරෝද රථයකින් අවමංගල්ය උත්සවයකට සහභාගීවීමට යමින් සිටියදී මෙම වෙඩි තැබීමට ලක්ව තිබෙනවා. පාතාල කල්ලි 2ක් අතර පවතින ගැටුමක ප්රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදව ඇති බවයි පොලීසිය පවසන්නේ.
    මියගොස් ඇත්තේ 38 හැවිරිදි ධනුෂ්ක ප්රේමලාල් සහ 27 හැවිරිදි මේන ගීගනගේ ඉෂාර මධුෂාන් යන අයයි.
    සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.

    Latest News