රම්‍යා ශ්‍රියානි පතිරණ මහත්මිය දැයෙන් සමුගනියි

සැප් 18, 2023

    සම්මානනීය ගුවන් විදුලි නිවේදිකාවක, හඬ රංගන වේදිනියක මෙන්ම, ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක හා ප්‍රවෘත්ති නිවේදිකාවක වූ රම්‍යා ශ්‍රියානි පතිරණ මහත්මිය අභාවප්‍රාප්ත වුණා. මියයන විට ඇය පසුවූයේ 64 වැනි වියේ.

    1979 දී ගුවන් විදුලි නාට්‍ය හා විචිත්‍රාංග ශිල්පිනියක ලෙසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට එක්වූ ඇය, 1981 දී සහය නිවේදක මණ්ඩලයට ඇතුළත් වුණා. 1988 දී ගුවන් විදුලි දෙවැනි ශ්‍රේණියේ ස්ථිර නිවේදිකාවක වූ රම්‍ය ශ්‍රියානි පතිරණ මහත්මිය 1994 දී පළමු ශ්‍රේණියේ නිවේදිකාවක ලෙස ගුවන් විදුලිය තුළ තම දක්ෂතාව දැක්වූවා. 2015-2016 වසර තුළ ඉහළ ශ්‍රේණිගත නිවේදන ශිල්පිනියක වූ ඇය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ වසර 38 ක් නිවේදිකාවක ලෙස සේවය කළා. හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළුත් කිරීමේන අනතුරුව ඇය අද අළුයම අභාවප්‍රාප්ත වුණා. දේහය අද පස්වරු 2.00 සිට පන්නිපිටිය, ඇරව්වල උස්වත්ත මැදපාර, අංක 304/2 දරණ නිවසේ තැන්පත් කෙරෙනවා. අවසන් කටයුතු පසුව දැන්මු දෙන බවයි පවුලේ ඥාතීන් පවසන්නේ.

    Latest News