රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට රැගෙන ආ සචිත්‍ර

සැප් 13, 2023

    තරඟ පාවාදීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක කටහඬ පරීක්ෂාවක් සඳහ‍ා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට රැගෙන ආ බව වාර්තා වෙනව‍ා.

    සචිත්‍ර සේනානායකට චෝදනා එල්ල වූයේ 2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේදී තරඟ පාවා දීමට උත්සාහ කිරීම හේතුවෙන්.

    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පළමු සංස්කරණයේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු ඩුබායි සිට දුරකථනයෙන් තරඟ නිවැරදි කිරීම සඳහා සම්බන්ධ කර ගෙන ඇති බවටයි මෙලෙසින් චෝදනා එල්ල වූයේ.

    Latest News