දුම්රිය වැඩවර්ජනයේ අද තත්වය

සැප් 13, 2023

    අද (13) උදෑසන කාර්යාල දුම්රිය ගමන් වාර 40ක් පමණක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.


    ප්‍රධාන මාර්ගයේ කොළඹ කොටුව දක්වා උදෑසන දුම්රිය ගමන් වාර 15ක් සහ පුත්තලම මාර්ගයේ සිට කොළඹ කොටුව දක්වා උදෑසන දුම්රිය ගමන්වාර 4ක් ද ධාවනය කිරීමට නියමිතයි.
    කැලණිවැලි මාර්ගයේ සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන් වාර 4ක් සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 17ක් ධාවන කෙරෙනු ඇති.
    දුර පළාත්වල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ද සහිතව කාර්‍යාලය සේවය සඳහා ගමන් ගන්නා මගීන් වෙත ගමන් වාර යෙදවීමට ද සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
    අද දිනයේ ද දුම්රිය රියදුරන් 84 දෙනෙකු වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවන බවට දුම්රිය පාලනාධිකාරිය වෙත දැනුවත් කොට ඇති බවද වාර්තා වනවා.

    Latest News