දුම්රිය වර්ජනයක්

සැප් 11, 2023
    කොළඹ පිහිටි දුම්රිය අංගනවල දුම්රිය සේවකයින් අද (11) හදිසි වෘත්තීය ක්රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

     

    මේ හේතුවෙන් එම අංගනවල සිට ගමන් ආරම්භ කිරීමට නියමිත දුම්රිය ධාවනය නොවන බව වාර්තා වනවා.
    මෙම වෘත්තීය ක්රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ප්රමාදවීම් හා අවලංගු වීම් සිදු විය හැකි බව ද දැනට මගී දුම්රිය දෙකක් අවලංගු කළ බව, දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසනවා.
    ඒ අද පෙ.ව 10.35 ට කොටුව සිට මහනුවර බලා යන දුම්රිය සහ අද ප.ව 3.00 ට මහනුවර සිට කොළඹ බලා පිටත් වීමට නියමිත දුම්රියයි.
    එමෙන්ම හෙට (12) දින දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය පවසනවා.
    දැනට අනුමතව ඇති අමාත්ය මණ්ඩල තීරණ මත බඳවාගැනීමේ පරිපාටිය සංශෝධනය කරන ලෙසත්, ඒ අනුව වසර 5කට ආසන්න කාලයක් ප්රමාද කර ඇති ශ්රේණි උසස්වීම් කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙසත් ඉල්ලමින් එම සංගමය මෙම වෘත්තීය ක්රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News