විද්‍යුත් රෝද තුනේ බාධක ඉවතට

සැප් 05, 2023

    විද්‍යුත් ත්‍රිරෝද රථ නිෂ්පාදනයේදී සහ පෙට්‍රල් හෝ ඩීසල් භාවිතයෙන් ධාවනය කරනු ලබන ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමට හැකි වනු පිණිස පරිවර්තනය කිරීමේදී ඒ සඳහා විද්‍යුත් ආරෝපිත බැටරි භාවිත කරන බැවින් එවැනි ත්‍රිරෝද රථවල තාර බර කිලෝ ග්‍රෑම් 500 ඉක්මවන බව හඳුනාගෙන තිබෙනවා.


    එසේම, මෝටර් වාහන පනතේ අර්ථ නිරූපණය අනුව මෝටර් ට්‍රයිසිකලයක තාර බර කිලෝග්‍රෑම් 500ක් හා දළ බර කිලෝග්‍රෑම් 1,000ක් නොඉක්ම විය යුතුවනවා.
    ඒ අනුව, විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට පවතින බාධාවන් ඉවත් කරමින් මෝටර් වාහන පනත සංශෝධනය කිරීම සඳහා පසුගිය වසරේ අගෝස්තු 08 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.
    එම අනුමැතිය පරිදි අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

    Latest News