දිවයිනෙන්ම අංක එකේ හපනුන් මෙන්න

සැප් 05, 2023

    2022 (2023) උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය,ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සමුදිත නයනප්‍රිය විසින් හිමිකරගෙන තිබෙනවා.

    වාණිජ අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ සිසුවියක් සමත්වී තිබෙනවා. ඒ එම විද්‍යාලයේ දිල්සරණි තරුෂිකා.

    මෙවර 2022 (2023) උසස්පෙළ විභාගයේ නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ මාතර සුජාතා විද්‍යාලයේ සිසුවියකි. ඒ අනූව, ප්‍රමුදි භාෂණී මුණසිංහ නමැති ශිෂ්‍යාව මෙලෙස ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

    උසස්පෙළ විභාගයේ නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව භෞතික විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබා සිසුවෙකු විසින් හිමිකරගෙන තිබෙනවා. ඒ ගෝනදූවගේ මනෙත් බනුල පෙරේරා සිසුවා විසින්.

    2022 (2023) උසස්පෙළ විභාගයේ නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව කලා අංශයේ ප්‍රථම ස්ථානය කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවියක් විසින් හිමිකරගෙන ඇත. ඒ එම විද්‍යාලයේ ඩබ්.ඒ.එම්. සචිනි සත්සරණි ශිෂ්‍යාව විසින්.

    Latest News