ජනාධිපතිට තර්ජනය කර තරුණයාට වැඩ වරදියි

සැප් 05, 2023

    ජනාධිපතිවරයාට එරෙහිව තර්ජනාත්මක ආකාරයෙන් ප්‍රකාශයක් මුහුණුපොතේ පළ කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයෙකු, රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, කොළඹ මහේස්ත්‍රාත්වරයා විසින්.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් මෙම තරුණයා, කොළඹ - මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ පමුණුවනු ලැබුවා.
    සැකකරු එ‍ප්පාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැප්තැම්බර් 7 වැනිදා ජනාධිපතිවරයා එප්පාවල සහ තඹුත්තේගම ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතයි. එසේ තිබියදී සැකකරු, ජනාධිපතිවරයාට තරජනය කරමින් මෙම ප්‍රකාශ මුහුණු පොතේ පළ කර ඇති බවයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ. සැකකරු, ලබන සිකුරාදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    Latest News