කථානායක හමුවට ගිය මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චේ

සැප් 04, 2023

    එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චේ සහ කථානායක මහින්ද යාපා ‍අබේවර්ධන මහතා අතර හමුවක්, පසුගියදා සිදු වුණා. ඒ, පාර්ලිමේන්තුවේ දී.

    ශ්‍රී ලංකාවේ දූෂණ වි‍රෝධි පනත සම්මත කර ගැනීම සහ පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් ෆ්‍රැන්චේ මහතා ශ්‍රී ලංකා රජය වෙත සිය සුබපැතුම් පළ කර සිටියා. මෙම කටයුතු ඉදිරියට සිදු කිරීම සඳහා ඉදිරි වසර 5 සඳහා වන නව සහයෝගීතා වැඩසටහන ඔස්සේ අමෙරිකානු ඩොලර් මිලියන 300 ක් ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බව, ෆ්‍රැන්චේ මහතා කියා සිටියා. එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන මෙරට පාර්ලිමේන්තුවේ සංවර්ධන හවුල්කරුවෙකු ලෙස නිරතුරුව ලබා දුන් සහයෝගය පිළිබඳව කථානායකවරයා ෆ්‍රැන්චේ මහතා වෙත සිය කෘතඥතාව පළ කළා.

    Latest News