පාකිස්තාන කණ්ඩායට ලැබුණු අවසරය

අගෝ 07, 2023

    ලබන ඔක්තෝබර් මාසයේ දී ඉන්දියාවේ දී ආරම්භවීමට නියමිත එක්දින ‍ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තම කණ්ඩායටම ඉන්දියාව බලා පිටත්ව යාමට අවසර ලබාදීමට පාකිස්තාන රජය තීරණය කර තිබෙනවා.


    එහෙත්, ලබන 31 වැනිදා ආරම්භවීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පාකිස්තානයට යාමට ඉන්දීය කණ්ඩායමට අවසර හිමි වූයේ නැහැ.

    ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ‍ඔක්තෝබර් මස 5 වැනිදා සිට නොවැම්බර් මස 19 වැනිදා දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි.

    පසුගිය දශකය පුරාවටම පාකිස්තාන කණ්ඩායම, ඉන්දියාවට ගොස් තරගාවලියක් ක්‍රීඩා නොකළ අතර, ඉන්දියාව ද පාකිස්තානයේ දී තරගාවලියකට සහභාගී වී නැහැ.

    ලෝක කුසලානය තරගාවලියට තම කණ්ඩායම පිටත් කර හරින බව, තීරණය කරමින් පාකිස්තාන රජය ප්‍රකාශ කර තිබෙන්නේ, කිසිවිටෙකත් ක්‍රිඩාව සහ දේශපාලනය මිශ්‍ර කර නොගත යුතු බවයි.

    ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන කාලයපුරා සිය කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දීය රජය මෙන්ම, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද වගකිව යුතු බවයි, පාකිස්තානය ප්‍රකාශ කර තිබෙන්නේ.

    Latest News