වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට

ජූලි 20, 2023

    හෝමාගම ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු, පොලිසිය සමග සිදුවූ ‍ වෙඩි හුවමාරුවකින් මිනුවන්ගොඩ, හොරම්පැල්ල ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රී (19) මිය ගොස් තිබෙනවා.

    ඒ, ඔහු අත්අඩංගුවට ගැනීමට ක්‍රියාත්මක කෙරුණු මෙහෙයුම අතරතුර දී.

    පසුගිය මැයි 20 වැනි දින පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සැකකරු, සංවිධානාත්මක අපරාධකරුවන් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවයි, පොලිසිය පවසන්නේ.

    ඊයේ ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේ දී සැකකරු ටී 56 වර්ගයේ ගිනි අවියකින් පොලිසියට වෙඩි තබා ඇති අතර, එහිදී එල්ල කෙරුණු ප්‍රතිප්‍රහාර හමුවේ මිය ගොස් තිබෙනවා.

    පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු ද සුළු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

    Latest News