ජනපති ඉන්දියාවට

ජූලි 18, 2023

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 20 වැනිදා සහ 21 වැනිදා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ඇරයුමකට අනුවයි.

    ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කර හැත්තෑපස්වසරක් සපිරෙන අවස්ථාවකයි, ජනාධිපතිවරයාගේ ඉන්දීය චාරිකාව සිදුවන්නේ. නවදිල්ලියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය ජනාධිපති ශ්‍රීමතී ද්‍රෞපදි මුර්මු මහත්මිය සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට නියමිතයි. ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා පැවැත්වෙන බව ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශ නිවේදනය කරනවා.

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන මුහුදු යාත්‍රා සේවය යළි ඇරඹීම සඳහා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, දෙරට අතර, සබඳතා ගොඩ නැගීමේ ඒකාබද්ධ කොමිසම විසින්. මුහුදු යාත්‍රා සේවය යළි ඇරඹීම තුළින් ඉන්දියාවත්, ශ්‍රී ලංකාවත් අතර, වෙළෙඳාම හා සංචාරක ආගමනය ඉහළ යනු ඇතැයි සාකච්ඡාවලදී අවධාරණය කෙරුණා.

    Latest News