EPF - ETF මගින් ලබාගත් ණය කප්පාදුව වැලැක්වීමට මෝසමක්

ජූලි 13, 2023

    රජය, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ අරමුදලින් ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කිරීමට අදාළ පෙත්සම වෙනුවෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොණු කරනු ලැබුවා.

    ඒ, නීතීඥ සුනිල් වටගල මහතා විසින්. මෝසමෙන් ඉල්ලා ඇත්තේ, අදාළ පෙත්සම සලකා බැලීම ලබන 17 වැනිදා කැඳවන ලෙසයි. අදාළ පෙත්සම ගොණු කරනු ලැබුවේ අන්තර් සමාගම් සේවක සංගමය ඇතුළු 6 දෙනෙකු විසින්. එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, එහි අධිපතිවරයා, සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදලේ ප්‍රධානි අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන්, නීතිපතිවරයා ඇතුළු 46 දෙනෙකු නම් කර තිබෙනවා. පෙත්සමින් අවධාරණය කරන්නේ, සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ මිලියන 20 කට වැඩි සක්‍රීය සාමාජික ගිණුම් පවතින බවයි.

    Latest News