දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ විවාදය අද

ජූලි 06, 2023

    දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ කල්තැබීමේ විවාදය අද (06) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙනවා.

    අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පසුගියදා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

    ඒ අනුව පසුගිය ජුනි මස 21 වැනි දින දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පළමු වරට පැවැත්වුණා.

    ඊට සංශෝධන ඉදිරිපත් කිරීමට විපක්ෂ කල් ඉල්ලීමත් සමග අද දිනයේ යළිත් දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදය පැවැත්වීමට නියමිතයි.

    විවාදයෙන් අනතුරුව පනත් කෙටුම්පත සම්මත කරගැනීමට නියමිත බවයි, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.

    Latest News