ජනපති යළි දිවයිනට

ජූනි 26, 2023

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපා සංචාරය නිමා කරමින් අද (26) උදෑසන යළි දිවයින ට පැමිණ තිබේ.

    ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද උදෑසන 09.10ට ඩුබායි සිට, එමිරේට්ස් ගුවන් සේවයේ EK 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තාවේ‍.

    පසුගිය 17 වන දා බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව ගියේය.

    Latest News