නියඳගල වෙඩි තැබීමක්

ජූනි 21, 2023

    හෝමාගම නියඳගල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගයෙකු මියගොස් තිබෙනවා.

    අදාළ පුද්ගලයා සිය නිවසේ සිටිය දී නාඳුනන පුද්ලගයින් පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බවයි,පොලීසිය පැවසුවේ.

    වෙඩි වැඳීමෙන් බරපතළ තුවාල ලැබූ අදාල පුද්ගලයා ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

    මියගොස් ඇත්තේ 46 හැවිරිදි හෝමාගම, නියඳගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හෝමාගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News