කෘෂිකාර්*මික අපනයන තුළින් ඩොලර් මිලියන 36ක්

ජූනි 20, 2023

    කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ ඉකුත් වසරේ පලතුරු ඇතුළු නිෂ්පාදන කිහිපයක් අපනයනයෙන් ඩොලර් මිලියන 36 ක ආදායමක් උපයා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

    ව්‍යාපෘතිය යටතේ භෝග වර්ග රැසක් අපනයනයටයි පියවර ගෙන ඇත්තේ. ගර්කින්, ඇඹුල් කෙසෙල්, අඹ, අන්නාසි, ගස්ලබු, මුරුංගා කොල සහ ජම්බො පීනට්ස් එලෙස අපනයනය කෙරෙන භෝග වර්ග කිහිපයක්. රාජාංගණයේ සහ යාපනයේ වගා කෙරෙන ඇඹුල් කෙසෙල් සහ වාකරේ වගා කරනු ලබන කොළ පිපිඤ්ඤා සඳහා වැඩි ඉල්ලුමක් පවතිනවා.

    කොළ පිපිඤ්ඤා වගාවේ මුළු අස්වැන්න ජපානයට අපනයනය කෙරෙන අතර, ජපානයේ බර්ගර් නිෂ්පාදනය සඳහා ඒවා යොදා ගැණෙනවා. ඇඹුල් කෙසෙල් සඳහා ඩුබායි ඇතුළු රටවල් කිහිපයකින් ඉහළ ඉල්ලුමක් පවතිනවා.

    මේ වන වට රාජාංගණයේ සහ යාපනයේ පමණයි ඇඹුල් කෙසෙල් වගා කෙරෙන්නේ. ඉල්ලුමට සරිලන පරිදි අනෙකුත් රටවලට කෙසෙල් අපනයනයට නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ. එබැවින් රුපියල් මිලියන 150 වියදමින් මේ වසර තුළ ඇඹිලිපිටිය හා සෙවනගල ප්‍රදේශවල ඇඹුල්කෙසෙල් සහ කැවෙන්ඩිෂ් කලාප දෙකක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

    Latest News