මැදිරිගිරියේ වෙඩිතැබීමකින් කාන්තාවක් මරුට

ජූනි 16, 2023

    මැදිරිගිරිය පොලිස් වසමේ මිරිස්හේන ධීවර ගම්මානයේ දී සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 36 හැවිරිදි වියේ පසුවූ එම ධීවර ගම්මානය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

    සිය නිවස ඉදිරිපිට පිහිටි තම මවගේ නිවසට ගොස් යළි නිවසට එමින් සිටියදී මෙම කාන්තාවට සැඟවී සිටි අයෙකු වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

    වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ එම කාන්තාව මැදිරිගිරිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.

    ඇයගේ අනියම් සැමියා සමඟ ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකරන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි.

    වෙඩි ප්‍රහාරය එල්ලකළ සැකකරු පලාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මැදිරිගිරිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

    Latest News