ටික් ටොක් මත්පැන් දන්සලක් රඟපෑ තරුණයින්ට වෙච්ච දේ

ජූනි 15, 2023

    මත්පැන් දන්සැලක් පවත්වන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ටික්ටොක් ඔස්සේ පළකිරීම සම්බන්ධයෙන් තරුණයන් හය දෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (14) නියෝග කළා.

    ඒ, මත්පැන් සහ මධ්‍යසාර ප්‍රචාරණය කිරීමේ චෝදනාව යටතේය.

    මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවීමත් සමග පොලිස්පතිවරයා ඒ පිළිබඳව විමර්ශනය කිරීමට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස වෙත භාරදී තිබුණා.

    අනතුරුව කටුනායක පදිංචි වයස 20ත් 25ත් අතර පසුවන මෙම තරුණයින් එම කොට්ඨාසය වෙත කැඳවා අදාළ සිද්ධිය පිළිබඳව දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන්කරගත් බවයි, පොලීසිය සඳහන් කළේ.‍

    එහිදී ඔවුන් පවසා ඇත්තේ, තමන්ගේ ඥාතියෙකු විසින් රැගෙන පැමිණි විදෙස් මත්පැන් බෝතල්වලට තේ වතුර දමා ටික්ටොක් ඔස්සේ ප්‍රචාරය කිරීමට වීඩියෝවක් සැකසීම සඳහා අදාළ ක්‍රියාව සිදුකළ බවයි.

    කෙසේ වෙතත් දුම්කොළ සහ මධ්‍යසාර පනත යටතේ මත්පැන් ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් අද පස්වරුවේ සැකකරුන් 06 දෙනාව අත්අඩංගුවට ගත් විමර්ශන නිලධාරීන් ඔවුන්ව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

    Latest News