අන්තර්ජාලයෙන් පාස්පෝට් නිකුත් කිරීම අද

ජූනි 15, 2023

    විදේශ ගමන් බලපත්‍ර අන්තර්ජාලය ඔස්සේ නිකුත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද (15) සිට ආරම්භ කිරීමට නියමිතයි.

    විධිමත් හා කාර්යක්ෂම ආකාරයෙන් මහජනතාවට විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකි වන ලෙස මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ අයදුම්පත් භාර ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

    මේ සඳහා සියලු කටයුතු සැලසුම් කර තිබෙන අතර, එසේ මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කරන අයදුම්කරුවන්ට ඔවුන්ගේ ඇඟිලි සලකුණු, දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51කට අනුබද්ධ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලවලට ලබාදීම සිදු කළ හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

    නව වැඩපිළිවෙළ ආරම්භ කිරීමෙන් පසුව වුවද යම් අයෙකුට අවශ්‍ය නම් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙතත් පැමිණ අයදුම්පත් භාර දී විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාව ඇති අතර, විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ එක්දින සේවාව ද සාමාන්‍ය පරිදි සිදු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.

     

    Latest News