මේ පැතිවල අය පරිස්සමෙන්

ජූනි 13, 2023

    පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.

    ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඹ්විට, දැරණියගල, යටියන්තොට ප්‍රදේශ සඳහාත් රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල හා කලවාන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 යටතේ අවධානයෙන් සිටින ලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

    එසේම කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය හා රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට, කිරිඇල්ල, රත්නපුර, ඇළපාත, පැල්මඩුල්ල, අයගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහාද අදියර 1 යටතේ විමසිලිමත් වන ලෙසට අනතුරු අඟවා ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News