ලීසිං ගෙවන්නන්ගේ ඉල්ලීම් ඉටුවේ

මැයි 27, 2023

    තමන් පොලීසිය සමග කළ සාකච්ඡා සාර්ථක බව ලීසිං ණය වාරික ගෙවන්නන්ගේ සංගමය පවසනවා.

    එහි සභාපති අසංග රුවන් පොතුපිටිය මහතා මේ බව කියා සිටියේ,  කොළඹ  කොටුව පොලිස් මූලස්ථානය ඉදිරිපිට අද පැවැත්වූ විරෝධතාවකින් පසු පොලීසිය සමග කළ සාකච්ඡාවකින් අනතුරුවයි.

    ලීසිං වාහන රැගෙන යාම පිළිබඳව පොලීසියට කළ පැමිණිලිවලට සාධාරණයක් ඉටු නොවූ බව පවසමින් මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා. එහිදී විරෝධතාකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්වයක් හට ගැනුණා. පසුව විරෝධතාකරුවන් පස්දෙනෙකුට පොලිස් මූලස්ථානය වෙත ගොස් උසස් පොලිස් නිලධාරියෙකු මුණගැසී පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබුවා.

    Latest News