ඇෆ්ගන් තරු පායයි

මැයි 24, 2023

    එක්දින තරගාවලියකට සහභාගී වීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ (23) රාත්‍රීයේ කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියා.

    ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලිය තරග තුනකින් සමන්විත වන අතර දෙරට අතර පළමු ජාත්‍යන්තර එක්දින තරගය ජුනි දෙවැනිදා පැවැත්වෙනවා.

    දෙවැනි තරගය ජුනි 04 වැනිදා ද තෙවැනි සහ අවසාන තරගය ජූනි 07 වැනිදා ද පැවැත්වීමට නියමිතයි. එම තරග තුනම හම්බන්තොට දී පැවැත්වෙයි.

    ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගී වීමට පෙර පවත්වනු ලබන අවසාන එක්දින ක්‍රිකට් තරගාවලිය මෙය වනවා.

    Latest News