ශ්‍රී ලංකාවේ අසිරිය කියන ''ශ්‍රී ලන්කන් ෆෙස්ටිවල් 2023'' ප්‍රදර්ශනය ඇරඹේ  

මැයි 20, 2023

    'ශ්‍රී ලන්කන් ෆෙස්ටිවල් 2023'' ජපානයේ කමගයා නාගරික ක්රීරඩාංගණයේදී අද ආරම්භ වුණා.

    එය සංවිධාන කරන්නේ, ජපානයේ ශ්‍රී ලංකා සමගයයි.  ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා, කමගයා නගරාධිපති ෂිවෝතා හිරෝමි යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවය ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකාව, සංචාරක ආකර්ෂණීය රටක් වශයෙන් ජපන් ජාතිකයන් අතර, ප්‍රචලිත කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

    මෙරට ආහාර පාන මෙන්ම, අනෙකුත් නිෂ්පාදනද ප්‍රදර්ශනයේදී අලෙවි කෙරෙනවා. එම ආහාර සහ නිෂ්පාදන සඳහා ජපන් ජාතිකයන්ගෙන් පවතින්නේ ඉහළ ඉල්ලුමක්.

    Latest News