ත්‍රිපෝෂ සඳහා වන බඩඉරිගු ආනයනික බද්ද රුපියල් 50 කින් පහළට

මැයි 20, 2023

    ත්‍රීපෝෂ නිෂ්පාදනයට ආනයනය කෙරෙන බඩඉරිගු කිලෝවක වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 75 සිට රුපියල් 25 දක්වා අඩු කර තිබෙනවා.

    එය පසුගිය 18 වැනිදා සිට ක්‍රියාත්මකයි.  දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාව සපුරාලන ත්‍රිපෝෂ නිෂ්පාදනය කරන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය සමාගමක් විසින්. පසුගිය දිනවල ඇති වූ බඩඉරිගු හිගය නිසා ත්‍රිපෝෂ නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නරත කිරීමට සිදු වුණා.

    එම නිසා ආනයනික බඩඉරිගු සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කිරීමට පියවර ‍ගැනුණා. නමුත්, මෙරටට රැගෙන එන අනෙකුත් බඩඉරිගු සඳහා වන බද්දේ වෙනසක් සිදු කර නැහැ.

    Latest News