"සංචාරක උදාව - 2023" ප්‍රදර්ශනය ඇරඹේ

මැයි 19, 2023

    සංචාරක උදාව - 2023 ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා.

    මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය ලෙසයි, මෙය සැලකෙන්නේ.  ප්‍රදර්ශනය, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේදී පැවැත්වෙනවා. එය සංවිධාන කරන්නේ, ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය විසින්. වෙළෙඳ කුටි 250 කින් ප්‍රදර්ශනය සමන්විතයි. හෝටල්, සංචාරක නියෝජිතයින්, ගුවන් සේවා සමාගම්, සංචාරක සේවා සපයන්නන්, අධ්‍යාපන ආයතන මීට එක්ව සිටිනවා. පස්වරු 8.00 දක්වා විවෘතව තැබෙන ප්‍රදර්ශනය හෙටින් අවසන්.

    Latest News