වසරකට පසු ඩොලරය රු. 300න් පහලට

මැයි 18, 2023

    වසරකින් පසු මුල් වරට අමෙරිකානු ඩොලරයේ අගය, රුපියල් 300 සීමාවෙන් පහළට ගොස් තිබෙනවා.

    ඒ අනුව, වෙනත් විදෙස් විනිමයවල අගයන් ද පහත බැස ඇති බවයි, මහ බැංකුව සඳහන් කරන්නේ.  මහ බැංකුව ප්‍රකාශයට පත් කළ විනිමය අනුපාත අනුව, අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 299.21 ක් ලෙසයි, අද වාර්තා වුණේ. වානිජ බැංකුවල එම අගය, තවත් අඩු වී තිබුණා.

    බැංකුවල විනිමය අනුපාත අනුව, ඩොලරයේ අගය පැවතුණේ, රුපියල් 296 ත් 300 ත් අතර. ඒ අනුව, බ්‍රිතාන්‍ය පවුමක ගැනුම් මිල රුපියල් 372 ක් ද යුරෝ එකක ගැනුම් මිල රුපියල් 323 ක් ද චීන යුආන් එකක ගැනුම් මිල රුපියල් 41 ක් ද ජපන් යෙන් 1 ක ගැනුම් මිල රුපියල් 2 ක් වශයෙන් ද වාර්තා වුණා. මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුව ණයවර ලිපි නිකුත් කිරීමේදී වානිජ බැංකු වෙත පනවා තිබූ මුදල් තැන්පතු සීමා අවශ්යිතා අද සිට ඉවත් කොට තිබෙනවා.

    Latest News