මහ රෑ වැලිගම වෙඩි පත්තුවෙයි

මැයි 16, 2023

    වැලිගම, දෙනිපිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.වෙඩි තැබීම සිදුවුණේ ඊයේ (15) රාත්‍රී 9.40ට පමණ.

    දෙනිපිටිය මුල්ලබොක්ක මාර්ගයේ මංසන්ධිය අසළදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි, පොලීසිය පවසන්නේ.

    වෙඩිවැදීමෙන් පැලෑන ප්‍රදේශයේ පදිංචිව 52 හැවිරිදි කමල් චමින්ද නැමති පුද්ගලයෙකු මියගියා.තුවාල ලැබූ ඔහුගේ 20 හැවිරිදි පුත්‍රයා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    වෙඩික්කරුවන් විසින් වෙඩිතැබීම සිදුකරන අවස්ථාවේ පුතා එම ස්ථානයෙන් පළා ගොස් ඇති අතර ඔහුව ලුහුබැඳ ගොස් වෙඩිතැබීම සිදුකර තිබෙනවා.එහිදී ඔහුගේ පපුවට හා අතට වෙඩිවැදී ඇති බවයි පොලීසිය පවසන්නේ.

    අදාළ වෙඩිතැබීම ටී 56 ගිනිඅවියක් භාවිතයෙන් සිදුකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    ඔවුන් එහිදී වෙඩි උණ්ඩ 20ක් පමණ භාවිත කර ඇති බවට අවට විසිරී තිබූ පතොරොම් කොපුවලින් අනාවරණය වී තිබෙනවා.මියගිය පුද්ගලයාගේ මෘත දේහය මාතර මහ රෝහලේ තැන්පත් කර තිබේ.

    වෙඩික්කරුවන් සොයා විශේෂ කාර්ය බළකාය, වැලිගම පොලීසිය සහ අවට පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

    Last modified on අඟහරුවාදා, 16 මැයි 2023 09:47

    Latest News