11ක් රෝහලට යැවූ අනතුර

මැයි 14, 2023

    හාලිඇල ප්‍රදේශයේ දී අද උදෑසන (14) සිදුවූ අනතුරකින් තුවාල ලැබූ 11 දෙනෙක් බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

    අනතුර සිදුව ඇත්තේ, බණ්ඩාරවෙල සිට බදුල්ල බලා ගමන් ගත් වෑන් රථයක් මාර්ගයේ දකුණුපස ඇති ගසක වැදීමෙන්.

    එම වෑන් රථයේ පිරිස දෝව රජමහා විහාරස්ථානයේ පැවති පෙරහැරකට සහභාගීවී යමින් සිටි නැටුම් කණ්ඩායමක්. රියදුරුට නින්දයෑම නිසා අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

    Latest News