ජනපතිගේ වෙසක් පණිවිඩය

මැයි 05, 2023

    ආර්ථික අර්බුදයකට රට මුහුණ දී ඇති මෙම අභියෝගකාරී අවස්ථාවේ "අකාලික බුද්ධ දර්ශනය සැනසීමේ මූලාශයක් බවට පත්ව තිබෙන බව" ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    එබැවින්, මෙම අසිරු කාලසීමාව පසු කර, සාමාන්‍ය ජන ජීවිතයක් උදා කර ගැනීමේ අභියෝගය ජයගැනීම සඳහා බුදුරජාණන් වහනසේ වදාළ පරිදි සමගියෙන් හා විශ්වාසයෙන් එක් වීම අත්‍යවශ්‍ය බව, ජනාධිපතිතුමා අවධාරණය කරනවා. වෙසක් දිනය නිමිත්තෙන් ජනාධිපතිතුමා නිකුත් කළ පණිවුඩයේ මේ බව සඳහන්.

    ‍මෛත්‍රිය, කරුණාව, මෘදු බව සහ උපේක්‍ෂා සහගත බව යන සතර බ්‍රහ්ම විහරණ අනුගමනය කරමින් අප එම මාර්ගයේ ගමන් කළ යුතු බව, ජනාධිපතිතුමා සිය පණිවුඩයෙන් පෙන්වා දෙනවා. ඉසුරුමත් ශ්‍රී ලංකාවක් නැවත ගොඩනැගීම සඳහා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුව, සහයෝගයෙන් හා එකමුතුකමින් පෙළ ගැසෙන වෙසක් දිනයේ, ජනාධිපතිතුමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

    අවිද්‍යාවේ අඳුර දුරු කර, ශ්‍රි ලංකාව පුනරුද මාවතට යොමු කිරීමට මෙම වෙසක් සැමරුම ආශීර්වාදයක් වේවායි, ජනාධිපතිතුමා සිය පණිවුඩයෙන් ප්‍රාර්ථනා කරනවා.

    Latest News