ඉදිරියට ආ වැඩ්ඩා

මැයි 04, 2023

    අප්‍රේල් මාසයට අදාළ ICC ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා වන නිර්දේශිත නාම අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු නිර්දේශ වී තිබෙනවා.

    අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ඒ බව, නිල වශයෙන් නිවේදනය කළා.

    නිර්දේශිත නාම සඳහා ක්‍රීඩකයින් තිදෙනෙකු නම් කර තිබෙනවා. ඒ අතරට ශ්‍රී ලංකා දඟපන්දු ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ද ඇතුළත්.

    සෙසු දෙදෙනා වන්නේ, පකිස්තාන ක්‍රීඩක, ෆකාර් සමාන් සහ නවසීලන්ත ක්‍රීඩක මාර්ක් චැප්මන්.

    මීට පෙර 2022 වසරේ ජුනි මාසය සඳහා වන ICC මාසයේ ක්‍රීඩකයා ලෙස ද ප්‍රභාත් ජයසූරිය සම්මානයට පාත්‍ර වුණා.

    Latest News