පළාත් රැසකට අදත් වැස්ස

මැයි 04, 2023

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප. ව. 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    බස්නාහිර සහ වයඹ පළාත්වලත්, යාපනය, කිලිනොච්චි, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    නැගෙනහිර, ඌව, උතුරු- මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ද සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි අතර බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News