ඇමති ඩයනාගේ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධීකරණයෙන් දින

මැයි 02, 2023

    රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කර ඇති පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද, දින නියම කළා.

    ඇය එම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ, සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමට එරෙහිව සමගි ජනබලවේගය ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්. ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම අද කැඳවූ අවස්ථාවේ ජුනි මස 8 වැනිදා එය විභාගයට ගැනීමට තීරණය කෙරුණා. සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ මැතිවරණ කොමසමේ සභාපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

    Latest News