මහ රෑ පහළ බැස්ස තෙල් මිල මෙන්න

මැයි 01, 2023

    ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.

    ඒ අනුව ඔක්ට්‍රේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 333 ක්.

    ඔක්ට්‍රේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කර තිබෙනවා. එහි නව මිල වන්නේ රුපියල් 365ක්.

    ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් අඩුකර ඇත. එහි නව මිල වන්නේ රුපියල් 310 ක්. රුපියල් 465ක් ලෙස පැවති ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 330 ක්. ඒ අනූව එහි ලීටරයක මිල රුපියල් 135 කින් අඩු කර තිබෙනවා.

    ලංකා භූමිතෙල්හි මිලෙහි සංශෝධනයක් සිදුකර නොමැත.

    ලංකා IOC සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනූව අද (01) සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

    Latest News