ශ්‍රී ලංකාවට අද තීරණාත්මක දිනයක්

අප්‍රේ 13, 2023

    ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ වැඩපිළිවෙල පිළිබද තීරණාත්මක දිනය අදයි.

    ඒ, ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවල් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ සිය නිල තීරණය අද ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්.

    අමෙරිකාවේ වොෂිංටන් හිදී ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය විසින් ඒ පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා සහාය පළකිරීමට ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය මීට පෙර එකඟතාව පළ කළා.

    ඒ අනුව, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ආකාරය පිළිබද මෙම රටවල මුදල් අමාත්‍යවරුන් විසින් නිල ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතයි.

    Latest News