මිතුරන් සමග ගිය තරුණයාගේ මළ සිරුර වගා භූමියක

අප්‍රේ 08, 2023

    ඇල්පිටිය, ඇත්කඳුර, ඇඹිල්ලකන්ද, කටුපොළ ප්‍රදේශයේ වගා භූමියක වලදමා තිබූ මළ සිරුරක් ඊයේ පස්වරුවේ සොයා ගෙන තිබුණා.

    ඇල්පිටිය පොලිසිය පවසන්නේ, මෙම මළ සිරුර ඇල්පිටිය, ඇත්කඳුර, දිවිතුර වත්ත නිවාස 20 ලිපිනයේ පදිංචි තරුණ‍යෙකුගේ බවයි.

    මිතුරන් පිරිසක් සමග නිවසින් බැහැරට ගිය තරුණයා, දින දෙකක් යනතුරු යළි නොපැමිණි බවට, ඥාතීන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා. මිය ගිය තරුණයාගේ ළඟම මිතුරා ද අතුරුදහන්ව ඇති අතර, ඔහුගේ දුරකථනය ද ක්‍රියා විරහිත බවයි, ඇල්පිටිය පොලිසිය පවසන්නේ. අතුරුදහන් මිතුරාගේ නිවසේ තිබී, මිය ගිය තරුණයාගේ යතුරුපැදිය හමු වුණා. ඇල්පිටිය
    වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇල්පිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඇල්පිටිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

    Latest News