ලංකාවේ පාපන්දුවට ‍තහනමක්

අප්‍රේ 06, 2023

    වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබෙනවා.

    1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ "32 ආ" සහ 33 වගන්ති යටතේ මෙලෙස පාපන්දු සම්මේලනය තාවකාලිකව තහනම් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා.

    මෑත කාලයේ පාපන්දු සම්මේලනය ගැටලු රැසකට මුහුණ දුන් අතර, එහි පරිපාලන සහ නිලවරණ කටයුතු ආශ්‍රිතව ඇති වූ ගැටලු නිසා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනම් කිරීමට ද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය කටයුතු කළා.

    අනතුරුව පාපන්දු සම්මේලනයේ කටයුතු විමර්ශනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා කමිටුවක් ද පත් කළා. එම කමිටුවේ විශේෂ වාර්තාව ක්‍රීඩා අමාත්‍යවරයාට බාර දෙනු ලැබවේ ඉකුත් 4 වැනි දිනයි.

    Latest News