ජනපති, සංචාරක හෝටල් නිරීක්ෂණයක

මාර් 31, 2023

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල කොග්ගල හා අහංගම සංචාරක හෝටල් කිහිපයක අද නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා.

    සංචාරක හෝටල් හිමියන් මුහුණ පා සිටින ගැටලු පිළිබඳ එහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණා.  ජනාධිපතිවරයා, සංචාරක හෝටල් කිහිපයක් නිරීක්ෂණය කලේ පූර් ව දැනුම් දීමකින් තොරවයි. සංචාරක හෝටල් හිමියන් සමග සාකච්ඡා කළ ජනාධිපතිවරයා ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන්නා.

    හෝටල් වල නවාතැන් ලබා සිටි විදේශිකයින් කිහිප‍ දෙනෙකු සමගද ජනාධිපතිතුමා සුහද පිළිසදරක නිරත වුණා. එක්සත් ජාතික පක්ෂයේ පාර් ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News