IMF සහයට සමගාමී ව ජපානයෙනුත් ශ්‍රී ලංකාවට සහය

මාර් 31, 2023

    ශ්‍රී ලංකාවට, අයි එම් එෆ් ආයතනයෙන් ලැබුණු සහයෝගයට සමගාමීව, ජපාන පාර්ලිමේන්තුවෙන් අවශ්‍ය සහය ද ලබා දෙන බව, එරට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වන ෂුන් සුකේ මුටායි මහතා පවසනවා.

    ජපානයේ ටෝකියෝ නුවර සිම්බාසි නගරයේ පැවති උත්සවයකදී ඔහු මේ බව කියා සිටියා.

    ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ජපන් ව්‍යාපාරික සංගමය එක්ව සංවිධාන කළ මෙම උත්සවයේ, ප්‍රධාන ආරාධිතයා වූයේ, ජපානයේ ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයෙකු වන ෂුන් සුකේ මුටායි මහතායි. ඔහු විදේශීය රටවල් සඳහා අධාර කිරීමේ වැඩපිළිවෙළෙහි ප්‍රධාන සාමාජිකයෙක්.
    ශ්‍රී ලංකාවට අවශ්‍ය මූල්‍යමය උපකාර සහ යටිතල පහසුකම් සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘති නැවත සක්‍රීය කිරීමට ද මුටායි මහතා, මෙහිදී පොරොන්දු වුණා. 1948 සිට ජපාන - ශ්‍රී ලංකා සබඳතාවය ශක්තිමත් බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. ජපානයේ ශ්‍රී ලංකා තානිපති රොට්නි පෙරේරා මහතා, ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News