ඉන්දියාවේ හින්දු කෝවිලක වහලක් කඩා වැටී 35 ක් මරුට

මාර් 31, 2023

    ඉන්දියාවේ හින්දු කෝවිලක ඊයේ සිදු වූ අනපේක්‍ෂිත අනතුරකින් 35 දෙනෙකු මියගොස් තිබෙනවා.

    එරට මාධ්‍ය වාර්තා කරන්නේ, තවත් ‍16 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

    ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ හින්දු කෝවිලක වහළයක් කඩා වැටී තිබෙනවා. බලධාරීන් පවසන්නේ, අනතුර වන අවස්ථවේ "රාම් නවමි" හින්දු උත්සවය සැමරීම සඳහා බැතිමතුන් විශාල පිරිසක් එහි රැස්ව සිටි බවයි. හමුදාව සහ ගලවා ගැනීමේ කණ්ඩායම් එක්ව අඛණ්ඩව සිදු කළ මෙහෙයුමේදී සුන්බුන් යට සිරවි සිටි 18 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වී තිබෙනවා.

    Latest News