මහවැලි D කලාපයට යල-මහ දෙකන්නයටම ජලය

මාර් 31, 2023

    පොලොන්නරුව - මැදිරිගිරිය, මහවැලි D කලාපයේ එල්ලන්ගා වාරි පද්ධතිය යටතේ යල මහ දෙකන්නයටම ජලය නිකුත් කෙරුණා.

    ඒ ගොවි ජනතාවගේ වසර 40 ක ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසයි.

    මහවැලි ඩී කලාපයට අයත් වුවද, ඉපැරණි එල්ලන්ගා පද්ධතිය සංවර්ධනය නොකිරීම හේතුවෙන් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇතැම් ප්‍රදේශවල ගොවි ජනතාවට සිය වගා කටයුතු කිරීමට සිදු වූයේ වැසි ජලයෙන්. ප්‍රදේශයේ ජනතාව දීර්ඝ කාලයක සිට කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මාස 6 ක් වැනි කාලයක දී එල්ලන්ගා පද්ධතිය, සංවර්ධනය කෙරුණා. ඒ අනුව, මහවැලි ජලය, එල්ලන්ගා පද්ධතිය යටතේ ගොවිතැන් සිදු කරන අඹගස් වැව, බේබියා වැව, මීගස් වැව, වඩිඟ වැව හරහා රැගෙන යාමට නියමිතයි. සෙත සැලසෙන ගොවි පවුල් සංඛ්‍යාව 3,000 ක්. වත්මන් අර්බුදකාරී තත්වය යටතේ වුවද, රුපියල් මිලියන 1,400 ක ලෝක බැංකු ආධාර ය‍ටතේ ප්‍රදේශයේ තවත් වැව් 27 ක් සංවර්ධයට නියමිතයි.

    Latest News