ජනපති පාර්ලිමේන්තුවේ සිදුකළ කතාව (වීඩියෝ)

මාර් 22, 2023
  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම ලැබීම, තරුණ පරපුරට යහපත් අනාගතයක් ගොඩනැගීමට සහ රට නගා සිටුවීමට පියවරක් බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    මෙම වැඩපිළිවෙළ ඔස්සේ, යහපත් රටක් ගොඩනැගීමට විපක්ෂයේ සහයෝගය ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා යළිත් වරක් විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලැබීම පිළිබඳව, අද පාර්ලිමේන්තුව දැනුවත් කරමින්, ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. අදාළ ගිවිසුම් සහ එකඟතාවයන් ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

    Latest News